Monday, October 1, 2012

අතින් ගිණුම් තැබීම ලගදීම අවසන්





තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මේවන විට ව්‍යාපාර තුලට නැතිවම බැරි අoගයක් බවට පත්වෙම්න් පවති. මේ වනවිට ගිණුම්කරණ‍ය,අලෙවිකරණය,මානව සම්පත් කලමණාකරණය,පරික්ෂන හා සoවර්ධන ආදි සියලුම o වලට තොරතුරු තාක්ශණයේ බලපෑම එල්ල වී ඇත කලින් අතින් ගිණුම්තැබූ ආයතන අද පරිගණක ගත ගිනුම්කරණයට යොමුව ඇත.ලිපි ලේඛන වලින් අල්මාරි පිරවු යුගය අවසන් වෙම්න් පවති ඒ වෙනුවට පරිඝනක සේවරයක තොරතුරු ගබඩා කිරිම සිදුකරයි. මීයන්  ගෙන් හොරුන්ගෙන් ලිපිගොනුවලට සිදුවන හානිය පරිඝනක පද්ධති නිසා වැලකි ඇතත් පරිගණක ගත දත්ත වලට වයිරස් හැකර් ට්‍රොජන් ආදීයෙන් එල්ලවන තර්ජන තොරතුරු තාක්ෂනයේ අදුරු පැත්තේ නියෝජනයන්ය.එනමුදු තොරතුරු තාක්ෂන‍ය ඉවතලිය නොහැක. අද පරිගනකයක් නොමැති බැoකුවක් ලoකාවේ සොයා ගත නොහැකිය. ව්‍යාපාරතුල තොරතුරු තාක්ෂණය මෙතරම් ඉක්මනින් ව්‍යප්ත විම්ට ආර්ථික සාමාජීය තාක්ෂණික හා ගෝලියකරණ සාධක බලපා තිබේ.


පරිඝණක ගත ගිණුම්කරණය  ව්‍යාපාර තුල ව්‍යාප්තියට බලපෑ කරනු


  • ව්‍යාපාර කටයුතු වල තරගකාරිත්වය හා සකීරනත්වය ඉහල යාමත් සමග තොරතුරු තාක්ෂණය මගින් කටයුතු වඩාත් පහසු කර ගැනිමට හැකි වීම.
  • ගෝලියකරණය තුල ආයතන අතර ඇතිවුන අන්තර් රැදියාවන් පවත්වා ගැනීමට තොරතුරු තාක්ෂණය තීරණාත්මක සාධකයක් වීම.
  •  තාක්ෂණයේ වර්ධනය සමගම තොරතුරු තාක්ෂණ උපාoගවල මිල දැරිය හැකි මට්ටමකට දිගින් දිගටම අඩුවීම.
  • පරිගණක උපාoග සමග වැඩකිරීමට සේවකයන් වැඩි කැමැත්තක් දැක්වීම හා පරිගණක ජාලකරනය මගින් ශම විභාජනය තුල පහසුවෙන්  කටයුතු කරගත හැකිවීම.
  • කාර්යාල වල ඉඩකඩ සීමාවීම හා ලිපි ලේඛන විශාල ලෙස  ගබඩා කර තබා ගැනීමේ අපහසුතාවයන් මතුවීම
  • තොරතුරු ගබඩා කිරීම,කලමණාකරණය,ආරක්ෂාකර ගැනීම, සන්නිවේදනය තොරතුරු තාක්ෂණය මගින් වඩාත් පහසු වීම.
  • වානිජමය මෘදුකාoග වෙනුවවට භාවිතා කල හැකි නිදහස් ඕපන් සෝස් මෘදුකාග රැසක් ලොවපුරා දිනෙන් දින සoවර්ධනය වීම.
  • බැoකු ඇතුලු මුල්‍ය සේවා සපයන ආයතන ,විගණන ආයතන,නීතිමය සේවා සපයන ආයතන තොරතුරු තාක්ෂණය භාවිතයට ගැනීමත් සමගම ව්‍යාපාර තුල ද තොරතුරු තක්ෂණය භාවිතයෙන් සේවා ලබා ගැනීම පහසු වීම.
  • තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් දිනෙන් දින වර්ධනය වීම,රාජ්‍ය අනුග්‍රහය ලැබීම,බදු සහන ලැබීම ,නීති රීති මගින් නීතිමය රැකවරනය ලැබීම,හා සේවා සපයයන ආයතන රැසක් ආරම්භ වීම.
  • උපාධි පාඨමාලා ලබා දෙන ආයතන සිය පාඨමාලා වලට තොරතුරු තාක්ෂණ විෂයන් අන්තර ගත කිරිම හා ප්‍රායෝගික පුහුණුව ලබා දීම.

  • තොරතුරු තාක්ෂණය ව්‍යාපාර සදහා යොදා ගැනීම තරමක් දුරට අවදානම් සහිත තත්වයන්ද නිර්මාණය කරයි ඒ සදහා පහත හේතුන් බලපායි.

වයිරස නිසා ගබඩා කර ඇති දත්ත වෙනස්වීම් විනාශ වීම අස්ථාන ගත වීම ආදිය සිදුවිය හැකිය මෙය වලක්වා ගැනීමට දිනෙන් දින ප්‍රති වයිරස නිර්මාණය වුවද ඒ හා සමානවම වයිරස නිර්මාණය කිරීම්ද සිදුවෙනු බව පෙනේ
හැකර් කරුවන් නිසා සිදුවන හානියද සුලුකොට තැකිය නොහැක.අනවසරයෙන් පරිඝනක පද්ධතිවලට ඇතුල්වන්නන්ට එරෙහිව ලොවපූරා නීති දැඩි කොට තිබේ.හැකර් කරුවන් විජ්ජා කරුවන් පිරිසක් නොවන අතර අපරික්ෂාකාරි බව හැකර් කරුවන්ගේ උගුල් වලට හසුවීමට ඔබ සතු එකම සුදුසුකම විය හැකිය.


Find Us on FaceBook